මිතුරැ තුමෝ
දුක ඇති තැන පවතීවී
බිතු සිතුවම් සේ
කිසිවක්
නොදොඩාවී....
Friday, December 2, 2011
පොඩි පුතා ගම ගිහින්
පුන් සඳක් පායලා
අලගල්ල බබළලා
දුරකථනෙම්ම කීවා
සොඳුර මුමුණලා
නෑ මිතුරන්ට දෙන
කෝළ රැස් මුසුවෙලා
සිනා මල් කිණිති පොඩි
සැම අතම විසිරිලා
සියනෑවෙ මුළු අහස
කළු වලා රොක් වෙලා
බලා හිමි කොහොඹ ගස්
හෙවනෙ නිසසල වෙලා
නෑ හඩ පා ගැටෙන
ගේ මැද්දෙ දුව පණින
කණ මැදිරියන් යනෙන
එළි පුරා නිදහසෙන
නැහැ දඩබ්බර වැඩ
ආදාර අවවාද
අත්තම්ම බණ අහන
ගුවන් විදුලියද වැඩ
රෑ ප පොත් සත්තු හැඩ
එකම තැන නිදි වදින
වෙහෙස වූවත් කයම
නිදියන්න කෝ ඉඩ
පට කුඩ අරගෙන මැණිකෙ කෝච්චිය උඩරට ගාටනවා
එළිවෙන ජාමෙට හූ හඩ දීගෙන බිංගේ විද එනවා
ඉර ගිරව් නටන විට වෙල් ඉපනැල්ලේ හිරු රැස් පූදිනවා
අලගලු පාමුළ බලා හිඳින් පුත මා ඉන් බැස එනවා
අලගල්ල බබළලා
දුරකථනෙම්ම කීවා
සොඳුර මුමුණලා
නෑ මිතුරන්ට දෙන
කෝළ රැස් මුසුවෙලා
සිනා මල් කිණිති පොඩි
සැම අතම විසිරිලා
සියනෑවෙ මුළු අහස
කළු වලා රොක් වෙලා
බලා හිමි කොහොඹ ගස්
හෙවනෙ නිසසල වෙලා
නෑ හඩ පා ගැටෙන
ගේ මැද්දෙ දුව පණින
කණ මැදිරියන් යනෙන
එළි පුරා නිදහසෙන
නැහැ දඩබ්බර වැඩ
ආදාර අවවාද
අත්තම්ම බණ අහන
ගුවන් විදුලියද වැඩ
රෑ ප පොත් සත්තු හැඩ
එකම තැන නිදි වදින
වෙහෙස වූවත් කයම
නිදියන්න කෝ ඉඩ
පට කුඩ අරගෙන මැණිකෙ කෝච්චිය උඩරට ගාටනවා
එළිවෙන ජාමෙට හූ හඩ දීගෙන බිංගේ විද එනවා
ඉර ගිරව් නටන විට වෙල් ඉපනැල්ලේ හිරු රැස් පූදිනවා
අලගලු පාමුළ බලා හිඳින් පුත මා ඉන් බැස එනවා
Subscribe to:
Comments (Atom)