නෙක නැටුම් කෙළි
හොරණෑ පන්දම් එලි
බැද වෙස් ද නෙක බලි
දුරුතු පෙරහැර කල එළි
සුජන නායක විළි
වසා සිටි සළු පිළි
සෝදා යවා පිළි
පාවඩයකට එලි
සා දු නද පැතිරෙත්
නිල් කඩතුරා විසිවෙත්
දේව ගණ රැස්වෙත්
පුර පිරි සිදු කෙරෙත්
වස්සවා මුරුගසං වැසි
අස්වසා පුර ජන වැසි
හැර කඩතුරා නෙත් වැසි
දෙවියෝ මෙපුර දුක දිසි
මං පහැරූ උන්ත්
මත වපුල එවුනුත්
එ මතින් ම වී මත්
එකි නෙකා වැනසෙත්
නසා තුන් බිය සැම
ඉසා යස පැන් අම
බුදුන් වැඩි පිං බිම
රකිනු මැන දෙවි සැම