Monday, November 28, 2011

අදරයේ වරහණ

(ආදරයට
නව අරුත් දුන්
වරහණේ අග
වීය
නැවතීමේ තිත.)

+නාත්මක චින්තනය


කලා වැව පිරෙනවා
ආයිමත් හි‍‍දෙනවා
මගේ හිත හැදෙනවා
ආයිමත් බි‍දෙනවා
පිරෙන දා කලාවට
මුළු වැවම පේනවා
හි‍දෙන දා කලා වැව
තනිව දුක් විඳිනවා

කලා වැවේ දිය තරමට
ඔබෙ ඔය හදවත ගැඹුරූ
සොරොව් කටේ
පෙණ බිඳුවක් ‍
සේ සැළුනේ ඇයි යා‍ළු ?


කුම්බුක් හෙවනෙ
වැව් ඉවුරේ
සීතල දිය වෙන් යාළු
දන්ඩි පැටව් ආදරේට
පීනන්නට එයි යාළු

හදපන් ඇල වේලි
කල් යල් හොඳින්  බලා
බැඳපන් සොරොව් ඇනිකට්
සිදුරු නොම තබා
රැස් කරපන් බිදෙන් බිඳ මූදට
කිසි නොයවා
විඳපන් වසන්තය
සැමදා සිත් පුරවා







සුන්දර හීන

 තරු වියන යට අහසෙ
මල් පිපපෙන දා රෑක
ඔබේ ඔය මල් හීන
විසුරවමු මුළු අහස

වෙහෙස වී ඝනඳුරේ
ගෙදර යන දා රෑක
තරැ එළිය සේ ලඟින්
මග කියයි ඒ හීන

මායා එළි

පහන් වැටක් දල්වාලා මුළු රන් වැට එකළු    වෙන්ඩ
ජයසිරි මා බෝ හෙවනේ එකට ඉඳන් කවි    ලියන්ඩ
මේ ලස්සන බක් මාසේ මහ මෙව්නාවට        වඩින්ඩ
සඳ කුමරුණි බැරිනම් මට එස් එම් එස් එක    එවන්ඩ

කලා වැවේ දිය දෝතක් අතට අරන් මං         බැලුවා
සත්තයි ඔබ මා හද ලඟ සිනා සුනා සේ             දුටුවා
ආදරයෙන් සිපගන්නට දෝත පුරා මුව         පොව්වා
ඇත්තයි ඔබ මායාවක් මයි මා එය             අත් දුටුවා

තාත්තා හීනෙන් ඇවිත්....

පැතුම් මල් කිනිත්තේ
තනි වුනු පුංචි කැකුලක්
බලා හිඳ දොරකොඩ
නිදා වැටුනාලු මහ රෑ
දොර පියන් ඇරෙද්‍දී
ඇගෙ නෝක්කඩු වදන්....

නොකර කිසි සද්දයක්
හෙමින් ඇඳ වෙතට ගොස්
බලමි ඒ සුපුන් සඳ
ඇ‍දේ බබලන අයුරු

ලංවී සෙමින්
අසමි හුරතල් වදන්
ඇසෙන නෑසෙන ලෙසින්...

 රෑ උනේ ඇයි? අහන්නෑ
මහන්සි ද? අහන්නෑ
ගෙනා දේ සොයන්නෑ


ඔහුට ඉන් කමක් නෑ


නෑ ඒ මුකුත් නෑ
පුතුගෙ වරදක් නෑ

සිනා සුනි යාන්තම්
තාත්තා හීනෙන් ඇවිත්.....

දුර ඈත වසන්තය

කියාදුන් ඔබම ආදරේ  අ යනු ආ යනු මනරම්
පෙන්වීද පාඩම වියෝවේ දරනු කෙලෙසද මෙතරම්
බැන්ද පෙම හදවතේ කිව නොහැක කෙතරම්
ගෙන එන්න යලිත් ඔබ වසන්තය මනරම්

Saturday, November 26, 2011

සිතුවම

වැරදීමකින් මෙන්
පිටු පා ඇඳුනු
බිතු සිතුවමක් නොවෙන් ඔබ

සබඳ,

රැකගන්න ගොස්
වටිනාම නිසාවෙන්

පුරාවිදුදරන් අතින්
අකාලේ
වියැකුණු
බිතු සිතුවමක්
නොවෙන් ඔබ,

සමාන්තර ලෙස බැඳුනු
බිත්ති යුගලක් සරසමින්
සිටිනු මැන ඇඳී
පිටු නොපා ඔබ

මා ඉන්නම් ඇඳී අනෙක්
බිත්තියේ පිටු නොපා...

පිටු නොපා සිටින සඳ
සුවයක් දැනෙනු ඇත එවිට,
සැමදා එක්ව සිටියා සේ....

අපට ඉහළින් නැගෙනු ඇත
සමාජය සුරකින
සංස්කෘතියක
මහා මන්දිරය.

කිසිත් නොදොඩා සිටිමු අපි එවිට
මන්ද,
පරම්පරා ගණන් දෙනා
නව අරුත් තෙපළමින්
අයනෙනු ඇත
මහා සංස්කෘතියක
අසිරි පා....

Wednesday, November 23, 2011

ගුත්තිල @ නෙට්

 කාලෙකින් දැක්කම
නෙට් එකේ 
හඳ පාය ඇති ඔය මූන
නිකමට වගේ හිතුනා
කොහොමදැයි අහන්න....

අප මැතක නැති
අපට මතකේ ඇති
ඔබ
අමතක කරනු කොහොමද....

සරසවි නොගිය අපි
පවකට හෝ පිනකට
විඳින මේ ජී විතේ රස
තිත්ත හා කහට

මදුවිතක් සේ
තොලගානා හැටි
කියා දුන් ඔබ
සැමදාම
අප ලග....

මගේ ලෝව

ඔබ විටෙක  තැවුල් දෙන
හිරු මඩල සේ විය
විටෙක සන්දෑ අහස
රුවින් හැගුමන් බ‍ර
සාගරය සේ විටෙක
ගැඹුරැ අදහස් දෙන
විසිරයේ සැලී දළ ‍රළ ලෙසින්
වෙරළ වැද

උදය සමුදුර වැල්ල සේ
හැගුම් පුබුදන
සඳෑ සඳ සේ සැනින්
සිතුම් සනසයි ඔබ
අමවක ඝන රැයක්
සේ අපහැදිලි ඔබ
තරු එළියක් ම වෙයි විටක
මග නොමග පෙන්වන

පොද වැස්ස වී මා
මුළු ගතම පුබුදන
පැතූ දේ හේදෙන්න
වහී උතුරන තෙක්ම
දේදුන්නක්ව විටකදී
ජීවිතේ එළි කරන
නිසයි මා දකින මේ
මුළු ලෝවම ඔබ මට


                          



Friday, November 18, 2011

අවබෝධය

විඩාබර දිනෙයක
පාඩුවේ සිටින විට
දුම්රිය පොළේ
ටවුම්බද සුලග වුව සීතල

දවාලිය මා ගත පුරා....

ඇති කමක් නැති ජීවිතේ
කිසිදා නොපිරෙනා
පුරවා ලිය යුතු බැව්
අවබෝදයෙන්....
අහම්බෙන් මෙන් දැනී
මා සිත
ඉපිල ගිය රග....

සැබෑවකි
මේ ලොව සැවොම
ඇති කමක් නැත්තෙන්
පෙළෙති...
ඉදින් මා ද තැවීම
පොදු දහමක් මැයි
සපත වීමම අවබෝධයයි...

වහා නැග දුම්රියට ආ
දහසකුත් ප්‍රශ්නයෙන් මිරිකෙන,
පිච්චෙන, දැවෙන,
දා දිය ම ජීවන සුවඳ කරගත්
මිනිසුන් අතරින්
තෙරපී විසිවුනි
යා යුතු මගට...

ඇවිද යමි අඩඳුරේ
ගුරැපාර දිග
දහසක් දෙනා ගිය
දුහුවිලි ගල් බොරළු
වල ගොඩැලි මැදින්

අඳුරෙන් එලියවූ
කහ පැහැ වීති ලාම්පුව
යන්තමින් එලිය දුන් මාවතේ
මග කියන තරු එළිය සේ දුටිමි

පොට වැරදිච්ච වවුලෙක්
එල්ලී සිටිනු
විදුලි රැහැනක.




අමතක පැතුම

එකම ඉත්තේ පිපී
හැඩ වෙවී සුවඳ දී
එකට හිඳ ගං තෙරේ
විටක දොඩමළුවී

හැමදා එකටම පිපී
සමිඳු ලග වියැකී
පැතුම් සුන්දර ඒ
ඔබට අමතක වී