ඔබ විටෙක තැවුල් දෙන
හිරු මඩල සේ විය
විටෙක සන්දෑ අහස
රුවින් හැගුමන් බර
සාගරය සේ විටෙක
ගැඹුරැ අදහස් දෙන
විසිරයේ සැලී දළ රළ ලෙසින්
වෙරළ වැද
උදය සමුදුර වැල්ල සේ
හැගුම් පුබුදන
සඳෑ සඳ සේ සැනින්
සිතුම් සනසයි ඔබ
අමවක ඝන රැයක්
සේ අපහැදිලි ඔබ
තරු එළියක් ම වෙයි විටක
මග නොමග පෙන්වන
පොද වැස්ස වී මා
මුළු ගතම පුබුදන
පැතූ දේ හේදෙන්න
වහී උතුරන තෙක්ම
දේදුන්නක්ව විටකදී
ජීවිතේ එළි කරන
නිසයි මා දකින මේ
මුළු ලෝවම ඔබ මට
No comments:
Post a Comment