මී අඹ සෙවන 04 කවි සංවාදය-----
මී අඹ සෙවන කවි 04 සංවාදය යුන සිංහල සඳැස් කවියේ විද්‍යුත් පත්තිරුව ලෙස
සැලකිය හැකි සඳැස මිතුරු හවුල මගින් ප්‍රථම සංවත්සය වෙනුවෙන් පැවැත්වූ මහා
කවි සංවාදයයි.
මෙයි දින 3 ක් පුරා පැය 64 කුත් මිනිත්තු 50 ක කාලයක් පුරා පැවති අතර
වඩා උසස් පිරිමියාද? ගැහැනියද ? යන මාතෘකාව යටතේ පවත්වනු ලැබීය. කවි සංවාදය
පුරා කවි 1812 ක් ලියැවින. ඒ ආසන්න වශයෙන් මිනිත්තුවකට කවි 2 බැගිනි. එම
කවි සංවාදයට මා විසින් ඉදිරිපත් කරන ලද 78 ක් පමණ වන කවි සිතුවිලි එම
සංවාදයට ප්‍රණාමයක් ලෙස හා පසුව දැක බලා ගත හැකි වන පරිදි මෙසේ සටහන් කර
තබමි. තවද මුලසුන හොබයමින් මෙහි ලා කවිපති සේන අම්බලන්ගොඩ ශූරීන් විසින්
දැක්වූ නායකත්වය ගෞරවයෙන් සටහන කරමි.
මිනිත්තුවේ කවි බැවින් යම් අඩු පාඩු ඇතොත් සැවොම සමා වී රස විඳිත්වා ........
සිහි කර කියමනක්
පවසමි ගැහැණියගෙ අඩු ගුණක්
ගෑඋන හැම තැනක්
සේමයි කසයි ඈ දැළඹූවෙක්
සේ පතිනි අම්මා
පෑ ලොවට හිමි පෙම නොනිම්මා
ගෙදර හිමි නම්මා
අද්දවා දිය දර නොයිම්මා
සඳ සදිසි රුව ඇත
සැබෑ ඇගෙ වත පුරා ලප ඇත
නිල් වන් වරළ මත
මල් නොවේ උකුණෝම වැජඹෙත
නොකියා රජ පුවත්
ගෙන බලනු පෙර දා පුවත් පත්
මව අන් රති සැපත්
ගෙන නැසුවාය තම දූ පුතුත්
සොමි ගුණකඳෙව් සඳ සරි මනු දම් බෙදන
සක් විති රජෙවේ රූ සපුවද අඩු නොවුන
සිප් සැට හරත දත් මනමේ හිමි මරණ
දුලා සදිසි උන් ඇත ගැහැණුන් කියන
දෙන රති බසින් සැප දෙන සිරි යහන මත
නැත වෙසඟණුන් නැති පුරයක් මේ දියත
සුව නැති නොහිම් දුක් රෝ බියද ගෙන එත
කත දරු වදන කිම ගෙන මේ ලෙස උපත
කාන්තාවන්ට ආරාධනාවක් ---
හැකි උව ඇයට රුහිරය කිරි කර දෙන්න
ඇය හට හැකි ද තනිවම දරුවෙකු දෙන්න
පිරිමින් නැතුව දරුවෙකු කුසයට ගන්න
හැකි කොයි කතට ඇය පෙරමුණටම එන්න
කත සැරසෙමින් උලමින් නෙක පාට වතේ
ලාමක පෙණුම නිති සරසා ගනිති පුතේ
දුක් කම්කටෙළු විඳගෙන කර ගැටද අතේ
මේ ලොව ගොඩ නැගුවෙ අපි පිරිමින්ම වෙතේ
කොයි කිවිඳයක් ආවත් බෑ බේරන්න
ගැහැනිය හට හිමි ය හැම විට හැංගෙන්න
අහලා නැද්ද පෙරකියමන දැනගන්න
පින ඇගෙ හැමදාම කුණු මුල්ලේ ඔන්න
ඇය ආදර බිරිඳ ඇය හට නියම තතු
පහ දා දීල ඇත තැන ඇය සිටිය යුතු
තම හිමි සමග සම තැන් නොගෙන මින් මතු
අන් කත උවත් එය දැනගෙන සිටිය යුතු
රත් නා ළදල් තොල්
නිල් උපුල් පෙති සේය නෙතු මල්
වී මනසම විකල්
දෙඩුවද කවියො පෙර ගසා මල්
උලා රත් පැහැ ගෙන
බැමද ඇහැ පැහැය ඉරි ඇඳගෙන
ගැටව් මන බැඳගෙන
කතුන් යති රති විකල් පෙනුමෙන
දත් ඇති කාලෙ මස් කන එක වරදක්ද?
මස් කන්නට කැමති පිරිමින් විතරක්ද?
තනි අත අරන් අත් පුඩි කෝ ගැසුවැකිද?
පිරිමින් නොමග යව්වේ ගැහැණුන් නොවෙද?
කිව්වත් ගැහැණු හරි හොඳ පත්තිනි අම්මා
පව්ලේ සැපත පතනා නිති නොනිම්මා
අන් රති සුවක් විඳුමට ගොස් හිත නම්මා
නැසු හැටි අගෙයි තම දරුවන් ඇති පෙම්මා
සිව්රක් ගතේ දාගෙන රකිනට සීලේ
හැකිවෙද මේ ගැහැණු දැක දැක හැම වේලේ
කිව්වත් බණට රකිනට සංවර සීලේ
මුන් එනේම නැතිවයි ඇඟ සළු සේලේ
මී අඹ රහ බලන කල සැම අම්මන්ඩී
දැනගත යුතුය පිරිමින් සැම තැන චන්ඩී
ගැසුවත් දමා පුහුකොළ ගෙන මේ වන්ඩී
ආසියො හතර අපෙ අත ඇත අක්කන්ඩී
හිතට ගෙන නෙක දුක්
පතනෙද බුදු බවම මතු කලෙක්
කැපුනොතින් ලකුණක්
නුඹ පේනේවිය එක සේ යකෙක්
පෝය දාට පුන් සඳ නැග එන්ට පෙර
අපෙ උන්දෙල යයි වෙත ඇති ලොකු වෙහෙර
ගෙන අටසිල් දස සිල් හෙම වැඳ වැතිර
දොඩයි මුසා බස් ලිඳ ලඟ සේ වතුර
කිවිඳනි සේන වියතුනි මේ අහගන්න
කල් යල් නොගෙන පිළිතුර අද ගෙනෙන්න
තව බෝ දුරද ජය ඉම වෙත යා ගන්න
පව් මේ කතුන් හති වැටිලා ඇත ඔන්න
හති වැටුණු කතකට
පිරිමියෙකි ඉන්නේම පිහිටට
නාරද නිදසුනට
ගෙන පිරිමි ජය ලබමු හනිකට
බුදු හිමි ජේසු සමිඳා සහ නබි උතුමා
ඇයි ගෙන ආවෙ බව ලැබ ඒ පිරිමිකමා
පිරිමින් උතුම් බව දනැනිති ගැහැණුකමා
පරදිනු දැක දැකම ගැහුවේ මුක්කු තමා
කඩු දුනු මුගුරු අරගත් ඒ වැදි රජුට
දුනේනේ තම හිමි ගෙ අසිපත ගෙන අතට
කාමය ඉහ වහා ගිය උද්දචු කමට
හිවලොත් වසුරුළු ලයි එය ඇත මතක මට
අමතක කරුණු අඟණුන් ගැන සිහිවෙනවා
පිරිමින් ජය ලබන තැන හිඳ වලි කනවා
බුදු බව ලබන අප හිමි වලකනු සිතුවා
මර දූ වරුන් අවිදින් පැර දී දිව්වා
කියමන යලි යලිත් මගෙ සිහියට එන්නේ
එයමයි කිව යුතුව ඇති බව වැටහෙනනේ
ගෑ වුන හැම තැනම ගත සැමගෙ කහන්නේ
ගැහැණිය දැළඹුවෙකි එය දත යුතු වන්නේ
නාරද කහ කහා හැම තැන දුවමින්නා
කවි පද විසිකලා කතුනට අඬමින්නා
පිරිමින් පැරදුනත් මට දුක නැත ඉන්නා
කොහොමත් පිරිමි නැත්නම් උන් පරදින්නා
මට හරි හිනා ගැහැණුන් මේ කියන කතා
වින්දේ පිරිමි පමණළු රති සැපත ඔතා
සුව අම දෙවන පිරිමින් ලඟ එතී ඉතා
දැන් කියනවා වද ඔහුනම් මදිම වෙතා
මැති ඇමතින් තැන් සොයලා නිලේ බලා
අල්ලා මහ රජිඳ උව මායමෙන් වෙලා
කවියෙන් කිව නොහැති තව තව දේ දීලා
ගැහැණුන් වැජබෙනව මුල් පුටු වලට වෙලා
ජය කණු ඉතින් දැන් දැන් ලඟ ලඟම වෙතේ
පිරිමින් සැවොම දැන් මී විත ළඟට එතේ
රට පික්චර් පටිය දැන් මගෙ නෙත ගැටිතේ
අපෙ අක්කලාටත් එනු බොන්නු කියමු මිතේ
අම්මා විවරණය දුන්නා හැබෑ තමයි
බුදු බව ලබනු රිසි ගත්තේ පිරිමි බවයි
ගත්තත් පුහු තරක ගැහැණුන් ඔහොම තමයි
ලක්මිණි කියනු තරහා නැහ අපේ ළමයි
මුක්කුව දමා ඇහි බැම උඩ තියාගෙන
ඇස් රතු කරන් ලොකු දොඹ ගෙඩි කරාගෙන
බැන්නත් පියෙකු දරුවට මග කියාගෙන
පිය සෙනහසට හැඬුවා ළය බුරාගෙන
දරු වදනා රිදුම ඉවසනු බැහැ කිව්වේ
ප්‍රයිවට් ගිහින් සීසර් කරමුයි කිව්වේ
මේ අම්මා ළය නැත කිරි පොද ඉනුවේ
පියා තමා රට කිර ගෙනැවිත් පෙව්වේ
පිරිමින් උනොත් නිති ජය පැන් බීව්ව යුතු
සටනින් පසුව නිසි තැන හිමි ගත්ත යුතු
එය නැත කතට වේ අන් මග දත්ත යුතු
පිය පුතු උනත් දෙයි නම් තැන වින්ද යුතු
කිරි තුබුනත් පියයුරු අව පැහැ වේය
දරුවට ඉතින් රට කිර හොඳ සෑහේය
මව් වරු කියන බහ දැන් දැන් වැඩි වේය
රුව සිරි වඩන පොත් පත් දැන් බෝ වේය
සෝඩා බෝතලය සේ එක වර පැමැණි
ගෙට ගොඩ උණ විගස ගතු කේලම් කියන
අන් සැප වස විසක් ලෙස නිතරම දකන
ගැහැණුන් තමා දවසටවත් නම රැඳුන
පිරිමි කම උඩ හිටගන්න එන ගැහැණු කොහොදැයි සොයා
රැගෙන කවි මඩු වලිග සලලා පාඩමක් පෙන්වමු කියා
එන පිරිමි සැම දැක දැකම දැන් මුලා වැල් පෑගුණු නියා
දැන දැනම මේ කිවිඳයන් සැම විරිත්තයි ළොඹු දත් තියා
ගැහැණුන් අසරනයි ඒ බව පිළි ගන්න
පිරිමින් නොමැති තැන වෙයිදෝ රැකවරණ
මේ සා දෙයක් දැන දැන යලි පවසන්න
ගැහැණිය කෙලසකද පිරිමින් සම වෙන්න
කියමින් මුසා බස්
ලැබ ලැබ අන් පහස්
ලඳුන් නෙක සුවහස්
වැජඹෙයි නොම රහස්
නැහැ කිසි සැකක් කවි ලියනා අතර තුරේ
චැට් එක හොඳට ඇති අන් පිරිමින් අතරේ
පෙන්වා පතිනි කම් කවියට සහ අතරේ
කීවම තරහ වෙනු නිසකයි සනුහරේ
----රටම ඉවරයි....
ඉඟ පසඟ නලවා
සලා සළු තුඟු ලැමද පෙන්වා
කොළු ගැටව් ගෙන්වා
අදී රට වල පල්ල පෙන්වා
කිරි ස්ප්පයෝ මොර දෙන හඬ දා පසෙක
රන් කාසියට ලොබ බැඳ ගොස් අන් රටක
රිති සුව රිසි පරිදි විඳ විඳ රිසි කලෙක
කතුන් වෙසෙති දරුදුක නොදැනෙන ලෙසක
---උයන්නෙත් අපි බලා ------
ගෙන රූප පෙට්ටිය
යොමා ඇස් සේම ඇස් වට්ටිය
පබිලිස්ගෙ හට්ටිය
බලා ඉව්වා පොළොස් මුට්ටිය
---- නොගැලපෙන ඇඳුම්, මේකප්----
බඳ මිරික මිරිකා
සාරි ඇඳ සේ ඇඹුල් ගොරකා
නැති පැහැ මුව වකා
තොල් උලා රත් සේ මස් විකා
--වරලට දෙන වද--
නිල් ඝන වරල නැත
කපා උව ඩයනා වෙලා නැත
නෙක පැහැ ගෙනත් ඇත
ඉලුවා මදුරි වගේ වෙනු ඇත
---- කොට ඇඳුම් ---
බසයට ගොඩ වෙලා
මුත් ලැබ අසුන සුව නැති වෙලා
රෙදි හෙම මදිවෙලා
සාය හොඳටම කොටට මැහිලා
---- විශ්චූර්ණ වැඩට ණය වීම ----
නැති මුත් මුදල් හෙම
ගෙන දෙන බඩු ගෙනත් නිවසටම
ණය ගන්න ආවම
අනේ දොර වහලා සදහටම
-----බේගල් සහ කේලම්-----
ගේ දොර වැඩ නැතිව
ළිඳ ලඟම හෝ ගෙයි වැටගාව
එන යන බස් රසව
කියයි නෙක බස් දහ පදුරාව
----- කෝලම් සහ මළ කෝළම් -----
වයස ගිය බව දැන
දැනම ඒ බව රටට වහගෙන
යනෙන විට රහසින
ගැටව් දැක නෙක ඉඟිය මරමින
-----අවමගුල් මගුල්-----
හිමි නැතිව ගිය දින
අඬා නෙක සෝ සුසුම් හලමින
සත් දිනක් ගිය තැන
තව පෙම් වතෙක් ඇගේ ගෙට වින
මිදි යුෂ අමරසය එක ලෙස ගෙන පාන
මර බිය එකලෙසම යට හිඳ ගෙන ගේන
විස උව ලූ කලෙක අම රස සේ පාන
කත කුසලාන මෙනි නිති අප අත රැඳුන
---- හොර වැඩ ----
හමි වෙහෙස වී එන
පොකෙට්ටුව ඇත කමිසෙ එල්ලුන
වට පිට හොර ඇසින
මොණර කොළයට මෙදා කෙල වින
---- මොඩ් වී ----
මඩ ගෑ වෙයි ඇඳුම
අපුලයි බැස වෙලට වල් නෙළුම
පුයර ටික ලෑවම
අගෙයි කොට මිනි ගව්ම ඇන්දම
-- මෝඩ හරක් ---
ඉර රාහු ගිල්ලම
අනා වද කහ සුදිය බීවම
රුව වැඩෙතැයි බෝම
කතුන් බීවලු මොලේ නැතිවම
---- හෙළයට විගඩං ----
රට ගෑණුන් විලස
දමා උල් අඩි පාවහන් උස
ඇඳල ඔසරිය යස
ගමනෙ යයි ඒ දන්ඩෙ යන ලෙස
---- යකාගෙ නිය පොතු ----
කල්යානෙට හොඳලු
නිය පොතු ද උලට නෙක පැහැයලු
ළමයින් හරි බයළු
යකුන් සේ අත් දෙකම පෑවලු
---- තෙල් මන්ද ----
ඇඳගෙන හිර සාරි
ඒ බඳ මතින් මස් වැල් බේරි
අපුලයි නෑ කාරි
ගෑණිගෙ තෙලට මන්දම මේරි
---- උකුලේ පළල ---
ගෙන මසුරමක් සොඳ
ලමු රහල් හිමි මුව කමල මැද
උකුළ මන්නපු සඳ
සැකය ඩෝසර් රෝදයක් වෙද ?
---- උන්ටම නොසලකති ------
නැහැ මට මෙහෙ කාරි
ගෙන එනු කොහෙන් හෝ නෑ කාරි
ආ විට ඒ මේරි
එකත මැරවී ලෙස හිරකාරි
තොල් පෙති උලාගෙන නෙක පැහ රට පාට
ඇස් බැම නගාගෙන ඇඳ ඉරි නෙක පාට
හිතුවත් නෙතග පී දෙයි මානෙල් එවිට
පෙනුනේ මෝහිනී මට නම් එකම විට
බුදු හිමි දෙසුවෙ බණ ඇති හැටි පහදන්න
අපෙ හිමි කයන බණ තේරුම් ගෙන ඉන්න
බුදු බව ලැබුවෙ ගෙන භව පිරිමින් ඔන්න
රෙද්දට සීලෙ ගත්තට මදි දැනගන්න
---- මායම් සිල් ------
උපාසක අම්මා
නිති පෝයට සිල් ගනිම්මා
වත සීල වෙම්මා
පහු දා වැලේ ලා වනම්මා
---- අපිටනම් ලේඩීස් ෆස්ට් නෙමේ ------
ඉංග්‍රීසියෙන් වැඩ
කරන සුද්දන් නොවේ අපි ගොඩ
කත දා පෙරට හැඩ
ලේඩි ෆස්ට් යැයි නොකී දා පඩ
----- අපිව රවටටන්න බෑ -----
කියමින් නෙක චාටු
වැලපිලා දා සෙමද කහ හොටු
එන විට ලඟ කිට්ටු
අපි නම් කරන්නෙම හොඳ මට්ටු
------- දිරිය කතුන්කෝ ----- ?????
කල් තව තව ගතවෙන්නට
පෙර එන්නකො ලතවෙන්නට
නෙතු මානෙට මුමුණන්නට
එකෙක් නෑ නෙ මේ ඇත්තට
---මේ අස්සේ පණිවිඩ ---
අපි දන්නව චාටු කතා
කියනා ඔය හිතා මතා
දුන්නොත් ඉඩ පොඩ්ඩ ඇතා
රිංගන්නට ගෑණු සතා
------- චපල ගති -----
බී වතුර නහුතෙට
ආ වඩා ගඟ දමා මුහුදට
ගැහැණුන්ගෙ හැටියට
පෙන්නමුද ? පාඩමක් හරියට
------ බේරන්න බෑ ------
දාගෙන දුම් පාර
ආ වයස බස්එක මේ පාර
හුචස් හඬ එකවර
ඇනිලා නේ ගොඩ ගන්න බෑ වර
----- උයන්නත් දන්නව ද ? ------
දවල් බත කුකරේ
කුමට කලබල වෙන්නෙ මෙවරේ
වැඩ බැරි සනුහරේ
අත පත යොමයි ඉඳ කළුවරේ
----- හිතා ඉන්නෙ අපි ගොන්නු කියා ----
පර දින විට හොඳයි දෙව් ලිය අහිංසකයි
කියනා චාටු බස් මේ ලෙස හරිම අගෙයි
බැරි බර අදින් තණ කන ගොන්නුන් සේමයි
කිව්වත් නෑනෙ උන් ටික විකුණා ඉවරයි
---- කියන පුව් කථා -----
බුදු දහමේ බල මහිමය පෙනෙ කොට
ඒ බව හැඳින ගනැනති මේ යමර කට
ගෙන කළු ගලක උලළා පසෙක ලන්නට
ගොල්ලනි යමුද අරගෙන සැම රෙදි කරට
------ පව් ඉතින් -----
ආඩම්බර මූණූ
වැනිය බූරුවා කුර ගෙවුණු
ඇයි ද මේ ගාටනු
කෙවිටක් අරන් එන්නද කියනු
---- කියන සෙම කතා -----
සෙම හලනා සත්තු විලසයි හිතන්නේ
සෙම නැති දාට උන්දැල මග හිඟන්නේ
සෙම කාරනා ලෙස අපුලයි දැනෙන්නේ
සෙම ඇති නැතත් ගෑණුන් නොම පතන්නේ
කිවිඳියො දන්නේ බොරු සද්දය පාන්න
කිව්වත් කවියෝ හැම එක්කර බඳින්න
හැකි වෙද කතට කිසි සිහ නද පාන්න
පූ සෙක් වගේ ඉඳ පුරු පුරු ගාන්න
----- දැන් වත් යන්න සැරසෙන්න ---
ඉල්ලු හෙණ ගෙඩි
සේය පුස් වෙඩි
දමලා හවඩි
යන්න උන් රෙඩි
පිරිමින්ට ඇති සවි
දැක දැකම මේ අවි
කුමට ලිය නේ කවි
පැරදුම ලඟ ඒවි
---- පරාජය පිළිගන්න -----
කලක් පති ඉනා කෑ පිරිමින් සොයලා
ඇදි දිය පිරූ හිල කලයක් හෙම හොයලා
දැන දැන පිරිමි සැම මේ ලොවතුම් කියලා
කණ මැදිරියා සේ පහණේ යයි මැරිලා
------ ඔබටති පිරිමියෙකු විය හැකිය -----
ජය ජය මිසම නැත කිසිවක් අපි දන්නේ
දද දද මිසම නැත කිසිවක් එල්ලන්නේ
ලද ලද සැපම පමණයි උන් දොඩවන්නේ
අද අද හෙටම ගොස් පිරිමින් වී එන්නේ
------ ජය ශ්‍රී -----
රඹ කැන් දිලෙන සඳ
ඇටි කැන් පූදිනෙ කුමකටද
පිරිමින් ජයම ලද
ගනිමු අනුපානයට පුර හඳ
----බැරි වැඩ එපා ---
පිරිමි දහිරිය ගෙන
හැදුවත් ගැහැණු තිරිහන් වෙන්න
බැරිවැඩ නොකරන්න
මින් මතුත් අදිටන් කරගන්න
----------------------------------- ශ්‍රී ලාල් 27/09/2012