ඇය
සිරි සිරියේ පොද .......වැටිච්ච
බොවිටියා මල් ........පෙඟිච්ච
දැක්කම සුළඟේ .......වැනිච්ච
මතකයි නුඹ මගේ ......වෙච්ච
බිංදු බිංදු මල් ...........වැටිච්ච
මල් මී වද වහං ...........විච්ච
හැඟට හෙප්ප වී .......මැහිච්ච
හැඩ මතකයි ගව්මෙ ...වෙච්ච
බමරු ඇහේ නොම ..ගැටිච්ච
කඩුපුල් මල වහං ......වෙච්ච
හිතේ ගැඹුරු තැන ....පිපිච්ච
නැහැ මල් නුඹ වගේ .වෙච්ච
No comments:
Post a Comment