මට මතක ඇත හොඳ හැටි
තන පුඩු සෙවූ හැටි
උරුම දේ පෙර ඕන වූ හැටි
කීවත් ඇස් මගේ
උඹ උඹේ පියා වගේ
තෙපළපු බස් අගේ
මතකයි මට තවත් අද වගේ
නැති බැරි කම වතේ
තබමින් සඟවා හිතේ
අරගෙන පොත අතේ
අකුරු කළ හැටි මතකයි පුතේ
පැණ කඩුලු ඇති නෙක
තබන පියවර එකිනෙක
දැක කඳුළු බිඳුවක
ඇහුව අමේමේ ඇයිද මේ මොක
සිනහ නහවාගෙන
ඉඹි නුඹෙ නළල එසැනින
තිබු උණුහුම කොතැන
රඹ කඳකි අද ගත සිසිල් උන
දරුවන් සම වයෙසෙ
එකතුකරගෙනම පෙරසෙ
ආවත් ඇයි මෙලෙසෙ
දෙනක නුඹ හිඳිනු හීනයක් සෙ
නුඹ මහ වීරයෙකි
බැනර් කොඩි වැල් සහ වැකි
එල්ලන බිත්තියකි
මගේ හද මට වාව ගත හැකි
සරසවි ද ගණ පති
වනමැද වල් වැදී ඇති
සරසවි ඇරෙන්නැති
මැද දවනු මගේ සිත ඒ ඇති
----නිදහස් අධ්‍යාපනය රැකීමට සිසු ජීවිත දෙකක් බිලි වෙයි---- ප්‍රවෘතිය පාදකය විය
------------------------------ --- ශ්‍රී ලාල් 27/09/2012
නැති බැරි කම වතේ
තබමින් සඟවා හිතේ
අරගෙන පොත අතේ
අකුරු කළ හැටි මතකයි පුතේ
පැණ කඩුලු ඇති නෙක
තබන පියවර එකිනෙක
දැක කඳුළු බිඳුවක
ඇහුව අමේමේ ඇයිද මේ මොක
සිනහ නහවාගෙන
ඉඹි නුඹෙ නළල එසැනින
තිබු උණුහුම කොතැන
රඹ කඳකි අද ගත සිසිල් උන
දරුවන් සම වයෙසෙ
එකතුකරගෙනම පෙරසෙ
ආවත් ඇයි මෙලෙසෙ
දෙනක නුඹ හිඳිනු හීනයක් සෙ
නුඹ මහ වීරයෙකි
බැනර් කොඩි වැල් සහ වැකි
එල්ලන බිත්තියකි
මගේ හද මට වාව ගත හැකි
සරසවි ද ගණ පති
වනමැද වල් වැදී ඇති
සරසවි ඇරෙන්නැති
මැද දවනු මගේ සිත ඒ ඇති
----නිදහස් අධ්‍යාපනය රැකීමට සිසු ජීවිත දෙකක් බිලි වෙයි---- ප්‍රවෘතිය පාදකය විය
------------------------------
No comments:
Post a Comment