දහතුන් වසක් පෙම් කොට
පස්වසක් ගැබ් දරා
දොළ දුකට පෙම් කළ
ඇය
කුළුඳුලේ පුතු සමඟ
නිවුන් දරුවෙකු ලෙසින්
විලි රුදා කිසි නැතිව
උපාදිය වැදුවා
කඳුළු කැට
උණුහුමට
ආදරේ නාමයට
මගෙ උරෙස්
තුරුළු වී
තෙමුවා
දෙමාපියෝ සිව්වරිගෙ
ඉදිරිපිට දුන්නු මහ
දෑවැද්ද
දිනෙන් දින
බර වෙවී
දැනුනා
දෑවැද්දෙ
අග පලය
ආණුඩුවෙ රස්සාව
විය සිදුරු
තියරියෙන් සෙව්වා
සී එස් ද විගණකේ
මුතුගලට බාරවී
ගුරු විභාගත් දෙකක්
ලිව්වා
සිකුරාද පත්තරේ
ගැසට් එක නොගත් දා
ඔරෝවෙන් බුම්මගෙන
උන්නා
වැදෑ මහ වෙන් නොකළ
ඇගේ මේ උපාධිය
විරූපි දරුවෙක්
වැඩුනා
කාහටත් නොපෙනෙන්
පෙට්ටගම තුලට ලා
රෙදි යටින් සඟවලා
වැසුවා
සිව් වයස් ගිය තැනේ
අගුළු ඇරපන් කියා
සාප දී
මහ හඬින් හැඬුවා
හිතේ දුක
ඇගේ ලඟ
අග හිඟ ද එකතු වී
ආදරේ
පෑළ දොර දැක්කා
ආදරේ අඩුපාඩු
පුරවන්න ඉඳහිටල
වචන ගෙයි
ඊ සරින්
දුව්වා
රිදුම් දී හද මඩල
වේදනාවට වඩපු
වේදනාවට වඩපු
කඳුළු කැට
උණුහුමට දිළුණා
ආදරෙන්
මම
හොරෙන්
පිස්සා
No comments:
Post a Comment