Thursday, September 27, 2012

මී අඹ සෙවණ කවි සංවාදයෙන් පසු ----

මුල් ම කවිය ලව්වේ මා ඇගේ නමින් ----සොඳිනේ
පළමු පෙම බිඳුනු දා මගෙ කවි සිතමයි ----තැලුනේ
හද මුල ඇති ගැඹුරු තැනක අම සෙනහස ---රැඳුනේ
ඒ ඇගෙ රුව නිති නෙතුඅග කඳුලක් සේ ---ඇඳුනේ

ජය පැන් ගෙන හඳ පානේ බීවත් අම -----රසිනේ
හඳ පානේ ඇගෙ උනුසුම කිසිදින නොම --ලැබුනේ
සිත පාරන හැඟුමන් යලි යලි පිබිදී ------එන්නේ

සමා වෙයන් කිවිඳුන් සැම මගෙ හද නම් --හැඬුනේ

--------------------------------- ශ්‍රී ලාල් - 20/09/2012

No comments:

Post a Comment