Thursday, September 27, 2012

ද ස්පෙල් මාස්ටර්

දත් හකු පණින ලෙස
නිවැරදිව බණවන යස
නොරටුන්ගෙ සුදු බස
දික් විජය කර අපෙ උන් සිරස

සුදු බස් අකුරු බැඳ
‍කියනා නෙක අරුත් පද
එකෙකු පරයා හිඳ

තබයි හෙළ බස දඬු ක‍ඳේ බැඳ

නණ ළල දැන සොඳින
හෙළ බස සොඳ හසුරවන
හෙළ දූ පුත් රුවන
සොයව් සෝදා සිරස යොමමින
---------------------------------------ශ්‍රී ලාල් 26/09/2012

No comments:

Post a Comment