Friday, September 7, 2012

මී විත


දුරක එහා මල් ලන්දේ මල් සුදු මල් ......පිපුනාම
රුවට රුවේ පෙනුනා පුන් සඳ කැන් ......ගැලුවාම
රැකය උනත් සඳ නැති දා සුදු මල් ...............පීදීම
නුඹේ කවිය වගේ උනා සුවඳ හමපු ..............වාම

සියුම් හඩින් මුමුණ මුමුණ මගෙ කව් ගී ........කියන
පාළු ගොම්මනේ මගෙ පන කඳ නලවන .........මූණ
තැවෙන අයුරැ දැක මසිතින් ඉන්නද ...........වාවාන
එන්නද දක්කන් වැඩ ගොඩ වැඩි කර ගොන් බාන

කුමට බතට තිබුනත් පිළිහුඩු පිරි නෙක ........කෑම
ලුණට ඇඹුල එක් වූ ඒ සුවඳ ..................හමපුවාම
සුවක් නොමැති රෑ මැදියම නින්ද ...........වරපුවාම
අඩුව පිරුණ නොවෙයි නුඹේ මී විත ........පිරුණාම

No comments:

Post a Comment