සේද සළු උණුහුම නොදී
සේය නිල් දිය රැළි රිදී
තුරුළු වී හිටයට මදී
කියනවද හසරැළි දිදී
කවට කම් යහනත රැඳී
පිරූ පෙම් සඳ ඉකි බිදී
වලා පට සළු නොම රැඳී
සඳ වසයි නුබ එළි නොදී
සියුම් රතැඟිලි තුඩු රැඳී
සුව රිදුම් අම රස දිදී
සුසුම් පොද රහසේ රැඳී
ඉගිළ නා දළු වල වදී
වියන මත රන් හුය බැඳී
සීන සත සිතුවම් ඇඳී
පියුම් පොට්ටුව හොඬ රැඳී
ස්වේත ඡායාවක් හිඳී
------------------------------ --ශ්‍රී ලාල් වික්‍රමතුංග 02/09/2012
කියනවද හසරැළි දිදී
කවට කම් යහනත රැඳී
පිරූ පෙම් සඳ ඉකි බිදී
වලා පට සළු නොම රැඳී
සඳ වසයි නුබ එළි නොදී
සියුම් රතැඟිලි තුඩු රැඳී
සුව රිදුම් අම රස දිදී
සුසුම් පොද රහසේ රැඳී
ඉගිළ නා දළු වල වදී
වියන මත රන් හුය බැඳී
සීන සත සිතුවම් ඇඳී
පියුම් පොට්ටුව හොඬ රැඳී
ස්වේත ඡායාවක් හිඳී
------------------------------
No comments:
Post a Comment