Thursday, September 27, 2012

උවම් නැති ප්‍රේමය

 නිදි වරන ----ලඟ හිඳින ---තනි රකින---නොම දොඩන--- සෙවනැල්ල සේ හිතට දැනුනා
මල් වැටුන -නිම නොවන ---රැළි නගන -----ගඟ ගලන ----නිල් වරළ වැටි නිතඹ වැසුනා
බැම බමණ ---නිති රඟන --විල දිලෙන ------මල පිපුන ---නිල් උපුල් සේම නෙතු දිලුනා
සඳ කිරණ ---වැද දිලෙන ---රස අඳුන ------සිසි වුවන -----ඉඟි කරන රහස මට දැනුනා

උර පළල  ---යහන් තල ----සුව මතුල ---ලදලු තොල ------නා රත් රැසින් රසය මැවිලා
නිති
සිසිල --පෙම වපුල ----හද මඩල ---සෙව් තුරුළ ------නළල් තල උණු හුමට සිඹලා
පැහැ උදුල --පෙති උපුල ---සුමට කළ ----බැඳි අත්ල ---රැගෙන මා කොපුල් මත තියලා
හිරු මඬළ -----මහී තල--- උවම් කළ -නොමැත ඵල -------ප්‍රේමය මෙය මැයි ම කියලා

ශ්‍රී ලාල් - 22/09/2012

No comments:

Post a Comment