බිණර මහේ හඳ දුටුවා ඔච්චම් කළ ..........අයුරු
පෙර දා රෑ යනවිට දා ගෙන පැදියේ .........යතුරු
ඇයි ද මෙසේ සා කෙටුවේ සක්‍රය වී .........වියරු
කෙලෙසක මා කියම් කාට ඇය වේ ඔබෙ අයුරු
අටවක දා කෝ ඔබෙ ඔය සුමට හැඩ ..ලතාවවෝ
පිරි හඳ පැණි ගෙන කෑවද සූර ...........දූතිකාවෝ
වත හා පිරි ක්ෂීර යුග්මය හංස .......නලඟනාවෝ
නින්ද නොඑන ඝණ රෑ මැද සුමට හැඩ ...මැවූවෝ
රන් තැටියක් අති අරන් හිටියත් දරු ........පෙම්මා
ඈත දුරක හිඳ රවටන කිරි පැණි දෙන ........අම්මා
කවියෝ කෙසේ කීවත් ඇය හා සම නොම වෙම්මා
ඇයයි මාගේ දරු රකිනා දුක වාවන ...........අම්මා

No comments:
Post a Comment